Skip to content

Lyrics

සිංහල
කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ මං කල වරද කියාපන් උඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඬ අම්මේ තැටිය අරන් පෝලිමට දුවනවා වඳින්නේ මහ රෑටයි අම්මේ පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැදුරේ සුව පහස ලැබී පුංචි කාලේ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී අම්මගෙ නම මම පපුවේ කොටනවා ඉදිකටු මිටියෙන් හැඩට ඇති කම්බි තාප්පෙට .... වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙන් අඬලා රජ සිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා තනි පංගලමේ මහ රෑ යාමේ උඹ හඬනා හැටි මට මැවිලා කම්බි කූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා කම්බි තාප්පෙට ....

More by Chamika Ranawaka

Weralu Gedi Pahena Kale

Chamika Ranawaka

Sindu

(වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක...

Suruwama Aine Punchi Pale

Chamika Ranawaka

Sindu

සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළ...

Sudu Pichcha Pokuru

Chamika Ranawaka

Sindu

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දලා නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා...

Sidadiye Nuba Dutuwata

Chamika Ranawaka

Sindu

සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ අම්මා එක්ක නුවර වඳින්නයි මං යන්නේ සිරියාවයි කම්මු...

Podi Walan Kade

Chamika Ranawaka

Sindu

පොඩි වළං කඩේ හට්ටි මුට්ටි මීකිරි පැණි හට්ටි හට්ටි බඩු විකුණපු පුංචි බට්ටි කෝ ලෑල...

Pitakotuwe Maha Rata Api Ek Una

Chamika Ranawaka

Sindu

පිටකොටුවේ මහ රෑට අපි එක් වුණා මුළු නගරේ නිදි අතරේ අපි පාවුණා අඩ අඳුරේ මරදානේ අපි...

View all songs by Chamika Ranawaka →

Similar Songs