Skip to content

Lyrics

සිංහල
අගන දෙරණ සරනා රුදු දියඹ සිසිල කරනා ජන හද ජය දද ජය දද නැගි සද ජය ජය ශ්‍රී ලංකා රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා ලේ වැටුණු බිමේ කිරි සුවඳයි නැගෙනා රණ පසඟ තුරින් මන බදනා ලක් මව්නි මෙසිරි සිරි සදනා පිළිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා ආ තදෙකිත තකිද තාත ඝණ සුසිරා තනෙ තනෙන තනම් දා නතෙනෙන තානා විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන් හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා අධි පංකජ කවි සෙත් ජන නද දෙමිනා විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන් රණ පසඟ තුරින්... ආ තදෙකිත තකිද තාත ඝණ සුසිරා අභි නන්දන සාර සදිසි සිරි වේවා විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන් හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා ජය සංහරි ආයු වඩන සිරි බෝවා විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන් අගන දෙරණ...

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs