Skip to content

Lyrics

සිංහල
(සුළං රැල්ල ලෙස හඹා එමි කොහෙන් නමුදු ඔබ සොයාගමි..... ) (නිරන්තරේ ඉන්පසු මම ඔබ ළඟින් ඉමි... ) තුරුල් වන්න සෙවණැල්ලටවත් නොදෙන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ... ) (ඔබේ තුරුළු ළය මානෙට ගී කියන්නෙමි... ) අපේ ප්‍රේම පුරාණේට පණ පොවන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ... ) (රසයි නීරසයි සම සම ලෙස විඳින්නෙමි.... ) නුවන් පියෙන තුරු ඔබ ළඟ දිවි ගෙවන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ... ) සුළං රැල්ල ලෙස හඹා එමි කොහෙන් නමුදු ඔබ සොයාගමි..... /

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs