Skip to content

Lyrics

සිංහල
ඇහැලේපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා බෝගම්බර නුවර වැවේ හැම වැලි ඇටයක් පවා ආඩම්බර කඳුළුවලින් - අප ශෝකය නිවනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කලා හිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා මැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියේ කියා මම අයියණ්ඩියේ කියා.... යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරණෙට බියවී අයියා - අම්මා ළඟට පැන ගියා ඒ රජාගේ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා මද්දුම බණ්ඩාරගේ හිස කඩු පහරින් වෙන් කළා කඩු පහරින් වෙන් කළා.... මද්දුම බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා වංගෙඩියට දා කොටන්න ඒ ඒ රජිදා අණ කළා එහෙම හිතක් එහෙම තැනක් ඉතිහාසය නෑ අනේ පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිහි වුණේ පුංචි පුතෙක් බිහි වුණේ.....

More by Anton Rodrigo

View all songs by Anton Rodrigo →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...