Skip to content

Lyrics

සිංහල
ඇහැළේපොලගේ පුංචි පුතා.... මද්දුම බණ්ඩාර යන නාමේ.... මද්දුම බණ්ඩාර යන නාමේ..... සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා බෝගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවෙනවා සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා... ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කළා සිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා මැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියෙ කියා මම අයියණ්ඩියෙ කියා සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා... යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරණෙට බයවී අයියා අම්මා ළඟට පැන ගියා ඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා කඩු පහරින් වෙන් කළා සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා... මද්දුම බණ්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා වංගෙඩියක දා කොටන්න ඒ රජිඳා අණ කළා එහෙම හිතක් එහෙම නැතත් ඉතිහාසෙම නෑ අනේ පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුණේ පුංචි පුතෙක් බිලි වුණේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා ලක් මෑණිට නැති වුණා.... සිංහලේට නැති වුණා.... ලක් මෑණිට නැති වුණා....

More by Anton Rodrigo

Wasthuwa Illana Kashyapa Puthune

Anton Rodrigo

Sindu

(වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය...

Maha Bodhi Mule

Anton Rodrigo

Sindu

(මහ බෝධි මුලේ මහ බෝධි මුලේ විදුරැස්නේ රැස් විහිදෙන්නා මහ සාද් තුමා ලෝ විදුරැස් ම...

Issan Maguran

Anton Rodrigo

Sindu

(ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් මේ දැන් අල්ලපු මාළු ලාබයි ගන්නකෝ යාලු....

Desa Nopenunath Mage

Anton Rodrigo

Sindu

(දෑස නොපෙනුණත් මගේ වැඩියේ පාඩු නෑ ඇඟිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා..... /) (භුග...

Asiri Mangala Geetha Gaya

Anton Rodrigo

Sindu

ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේ සිරි නරඹනා අතරයි මට හමුවුයේ ගම්බද සිරිතටම මඟුලත් සිද...

Ahelapolage Punchi Putha

Anton Rodrigo

Sindu

ඇහැලේපොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුන...

View all songs by Anton Rodrigo →

Similar Songs