Skip to content

Lyrics

සිංහල
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න..... ලීලී මාගෙ නෝනා එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ..... මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ..... සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න... අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා මැරුණෙ නැතුවම නෝනා මිනි ගවුම් සොයනවා බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා.... සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න... මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම ගත්ත නිසයි ලිලී මම ගෙනාවෙ දෙකම මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න අඳින්න මිනි ගවුම අඳින්න

More by Anton Jones

View all songs by Anton Jones →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...