Skip to content

Lyrics

සිංහල
ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිනිය පතිවත කෙලසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය... එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ සිදුවුණු සිද්ධියක් මේ අපේ ලංකාද්විපයේ රුහුණේ කදිර සුරිඳුන් වැඩ විසූ භූමියේ කුණු අපරාධය පවසමි ශුද්ධ භූමියේ කතරගමේ රූප රැජිනිය මනම්පේරි නමගත් ඇගේ හැඩට රුවට වශී වුණා කාගෙත් නෙත් සිත් නැණවත් තරුණියක්ලු ඇය පවුලක දුප්පත් ඇයහට සිදුවුණු දේ අමතක වෙනවද කවදත්... ප්‍රේමවතී මනම්පේරි තරුණිය... මනම්පේරී මේ සුන්දර රූප රාජිනි ඇයව සොයා හදිස්සියේ ජීප් එකක් පැමිණුනේ කිසිවක් කරකියාගන්ට ඇයට බැරි වුණේ ඒ නිළධාරින් ඈ කැඳවන් යන්න සැරසුණේ මේ ලෙස මා ගෙනයන්නට කළ වරද කුමක්ද ඒයි මනම්පේරී කතා නැතුව එනවාද නැද්ද අකැමැත්තෙන් වුව ඇයට යන්නට වුණානේ සිද්ධ ඔය පාළු කුටියකට ඇය කැඳවන් ගියේ මන්දෝ... ප්‍රේමවතී මනම්පේරි තරුණිය... එම පාළු කුටිය තුළ තරුණිව හිර කරලා කැඳවන් ගිය සෑම දෙනා එතැන රොක් වෙලා විලි වසා සිටි වස්ත්‍රේ ගලවන්ට අණ කළා විලි ලැජ්ජයි දැන් ඇය වැලපුණි කඳුළු සල සලා ඇයව වැදූ මවයි කුඩා සොයුරියන් සිහිවිය සුකුමල මුව කමල කඳුලැලින් තෙත් විය මට යන්න දෙන්න හෙලි නොකරමි කළ විපැත්තිය ඇගේ ඉල්ලීමට කන් දුන්නද මුරුග කට්ටිය... ප්‍රේමවතී මනම්පේරි තරුණිය... දණ ගස්වා නිර්වස්ත්‍රව ඇදන් යන විට වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුණා ඇගේ වමේ කලවට පිට පිට වෙඩි උණ්ඩ නිකුත් වුණා හනිකට හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද ඈ ඇදන් වැටුණා ලේ ගලමින් ඇගේ මුළු සිරුරෙන් කලින් කපා තිබුණු වලක් තුළට හිටි ගමන් වල වසා දමන්නට එතනට පැමිණුනු ඇලඩින් හිතුවය මෙලෙසටයි පැවසුවේ කිපිනමින්... ප්‍රේමවතී මනම්පේරි තරුණිය... අවසාන මොහොතේ උදව්වක් කරන්න බා දයා ඔබට බුදු බව අත්වෙයි අනේ ඇලඩින් අයියා මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා ඇයට පවසන්න ජීවතුන් අතර මේ මං නෑ කියා එපමණයි ලැබුණේ ඈට ඔහු හට පවසන්න තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට අවසන් හුස්ම හෙලා නෙත් පියාගත්තා සදහට... ප්‍රේමවතී මනම්පේරි තරුණිය...

More by Anton Jones

View all songs by Anton Jones →

Similar Songs