Skip to content

Lyrics

සිංහල
කන්දේ හැපුනා මහ වනන්තරේ ඊ සී අට අහස් යන්තරේ මරුවා කල මිතුරෙ බේරෙන්ට බෑ සසරෙ කගෙද මට වරද නොතේරේ මම පත්තරෙ බලලා උපුටා ගත් එය සොයලා කියනෙමි විස්තර කරලා හොඳ හැටි ගලපාලා එහි ඇති දුක්බර කිරලා ගයන්නෙ මම අසන්න ඔබලා හැත්තැ හතරෙ වර්ශෙ දෙසැම්බර් සිව්වෙනි දවසේ උනු දෙය අසන්න අහසේ අඬාලා බොහො සේ වැලපුනාලු දුක සේ අසාලා අහස් යානෙ විනාසේ සිරිලක් අහසේ මස්කෙලිය ප්‍රදේශේ රෑ දහයට බදාදා දවසේ හෙන පාරක් සේ පුපුරා දෙදරුවා අහසේ කිසිවෙක් නොදැනෙති රහසේ කන්දේ හැපුනා මහ වනන්තරේ.... එකසිය අනූ එක් දෙනෙක් ගෙන ආ අහස් යානයක් තත්පරේට උනා අලුගොඩක් වන්දනා පිරිසක් අතර ගැහැනු පනස්නම දෙනෙක් මරු අරගත්තනෙ බිල්ලක් එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ මක්කම බලා පිටත් වුනේ කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ පූරුවෙ කල කරුමයක් අනේ ගුවන් තොටුපොලේ සිටන් සැතැප්ම ගානකට දුරින් වැටුනා අහස් යානය දැවෙමින් මස්කෙලියට නුදුරින් ගිණිජාලා පුපුරමින් පොලවට වැටුනෙ මල කඳන් කන්දේ හැපුනා මහ වනන්තරේ.... දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑවෙ අස්සේ සෙව්වා නේද අපේ කට්ටිය කලකට පස්සේ ලැබුනා බ්ලැක් බොක්ස් එක අයිසේ නොහොත් මේ කලු පෙටිටිය කලු පෙට්ටිය ලැබුනා ටේප් පටි කෑලිත් තිබුනා නමුත් මේක මට අභිරහසක් වරද හෙලි උනා මොකක්ද කියලා වැටහුනා ඒක යාන්ත්‍රී කරන දෝශයක් කන්දේ හැපුනා මහ වනන්තරේ ඊ සී අට අහස් යන්තරේ (මරුවා කල මිතුරෙ බේරෙන්ට බෑ සසරෙ කගෙද මට වරද නොතේරේ... )

More by Anton Jones

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...

Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)

Anton Jones

Baila

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට ම...

Ramya Manahara

Anton Jones

Sindu

රම්ය මනහර දළදා මැදුර අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර අවට කදුකරේ ඒ දලදා මැදුර...

Premawathi Manamperi Tharuniya

Anton Jones

Sindu

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිනිය පතිවත කෙලසලා ඇගේ මැරුවේ තිරිසන...

Komala Papa Mukulu Papa

Anton Jones

Baila

(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලා ලයි ලි ලයි).. (කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එ...

Kanthoruwa

Anton Jones

Sindu

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතු...

View all songs by Anton Jones →

Similar Songs