Skip to content

Lyrics

සිංහල
වැරදිකරු වෙමි වැරදිකරු වෙමි ලොවට හඩගා වරද පිළිගමි ඔබේ ආදර බිසව නාමෙන් සොහොන් ගැබ ඉදි නොකළ වරදට වරද පිළිගනිමි මහා රජතුමනි මහා රජතුමනි දෙනෙත් අඳ කළ ඔබේ දෑතින් (මගේ හදවත අන්ධ කළ මැනවී).. මතකයේ කිරි ගරුඩ අතුරා ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි ලොවේ වෙන කවුරුත් නොදන්නා සොඳුරු යමුනා නදිය දන්නා (ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි).. නදී තෙර හිඳ බොහෝ දුක් විඳි ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි අහස ගැබ්බර අඳුරු දවසක කඳුළු මහ වරුසාව බිහි කළ (ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි).. මහා රජතුමනි මහා රජතුමනි දෙනෙත් අඳ කළ ඔබේ දෑතින් (මගේ හදවත අන්ධ කළ මැනවී)..

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs