Skip to content

Lyrics

සිංහල
වලා අතුල සිරි යහනේ උණුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලැවෙන ලතා මඩුල්ලේ ලැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා ජීවිතය වගේ මුමුණන ආදරය වගේ දිලිහෙන දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා නොදරුවකු අතින් බොඳ වුන සිතුවමක් ලෙසින් සුන්දර පාට රෑනකින් දසඅත රටා වියනවා කිරි වැදී නටන ගොයමට මිහිදුමින් වැ‍ටුනු පිනි කැට රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා හෙටක් ගැන යමක් නොදකින හෙටක් තිබේ දැයි නොසිතන කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා වලා අතුල සිරි යහනේ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs