Skip to content

Lyrics

සිංහල
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම් දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා සදමිනියේ ඔබ නම් සැණකෙලියයි මගෙ නම් කවියන්ගේ දෑසේ රස සීමා පනිනා හීනෙන් රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන් සංවරියේ රන් සිත කෝ මා පිනනා සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම් දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙනන්ද හෙවණැල්ලෙන් කාන්ති විහිදෙන නයන ඉනාවට සාන්තුවර සිත හී දැල්වෙයි හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ දඟ මෙනෙවිය ඔබ මා වල්මත් කල අරුමැසියයි මෙලොවේ සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම් දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා වීණා බඳවට කැරකෙන වරලස අණදෙන හෘදස්පන්දනයෙන් සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලේ හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ රතු නලඟන මගෙ හිත අවතැන් කල එකම ලඳයි මෙලොවේ සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම් දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා හීනෙන් රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන් සංවරියේ රන් සිත කෝ මා පිනනා සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම් දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs