Skip to content

Lyrics

සිංහල
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ.... යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ... ස්නේහයේ නගරයයි සිත මගේ.... මේ නවාතැන් ගෙවා ආත්මයේ යනතුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදිමි මං පූජනීයයි උතුම් ආදරේ... ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ (වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ... /)

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs