Skip to content

Lyrics

සිංහල
සසිරි බර සැපත නොම දුටු සිරිමතිය අයස ළඟදි මා ළඟ වුන් යසවතිය නිරස කුල බොජුන් වැළඳූ රසවතිය කටුක වැල් යහන සැරසූ පතිවතිය පරමල කියා මා ගැරහූ කුසුමාවි අඳ මා දෙනෙත දිවැසින් දුටු නයනාවි මූදේවිය ලෙසින් මා දුටු සීදේවි නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී වද වද මගෙම පරපුර හොද හිතින් දරා ලැබ ලැබ කටුක දුක් ගිනි නැඟුණ බුර බුරා විඳ විඳ අපා දුක් මට සැපත දුන් සරා අබින්ක්මන් කළේ ඇයි මගෙ යසෝධරා

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs