Skip to content

Lyrics

සිංහල
(මල් සුවඳට බඹරු එනවා බඹර නදට නෙත් වැහෙනවා බලාගෙනයි සුවඳ රේණු බිමට හැලේවි දවල මසුගේ පිට නැගිලා තරු යායේ මල් නෙලන්න බලාගෙනයි සිහින පොදිය බිමට හැලේවී...... ) දේදුන්නේ පාට ගාලා නල කුමරුගේ රූපේ ඇඳලා දමයන්තිය වෙන්නද නුඹ හීන මවන්නේ දේදුන්නේ පාට මැකී නා කපනා වැහි වැටුණාම දඟ කරනා සමනලියන් නොවෙද තෙමෙන්නේ........ මල් සුවඳට...... හීන පොලේ හැමදාමත් පාට හීන නිල් බෝමයි දොයිතුව නැති අපි කොහොමද කහවණු දෙන්නේ වලාකුලේ සඳළුතලෙන් හීන් සැරෙන් බිමට වඩින් නුඹ එනතුරු මං ඉන්නම් වෙල් ඉපනැල්ලේ........ මල් සුවඳට......

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs