Skip to content

Lyrics

සිංහල
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා - පාරුව ඇතුලට ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ දවසින් දවසම පාලම හැදුනා පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින් කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට දෑතේ අතැඟිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි මහ බර තිබුනා මෙතුවක් නොම ගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගේ කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා - පාරුව ඇතුලට ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs