Skip to content

Lyrics

සිංහල
හිතවතුනි අද සුදු ඇඳන් එන්න මේ සුසානේ පහන් දල්වන්න ප්‍රථම ප්‍රේමය වල දමන්නට අසීරුයි මට ඔබ උදව් වෙන්න හිතවතුනි අද සුදු ඇඳන් එන්න පාසලේ අරලියා ගස් යට ලියූ එක කවි පේලියක් තවම වටහා ගන්න බැරි වුනි ඇසුරු කෙරුවත් කාලයක් හිතවතුනි අද සුදු ඇඳන් එන්න.... මතක ගොක් කොළ රැහැන් අතරින් යලි ලියන්නට පෙම් කවක් මටත් මගෙ හිත හදා ගන්නට දෙන්න අරලියා මල් මිටක් හිතවතුනි අද සුදු ඇඳන් එන්න....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs