Skip to content

Lyrics

සිංහල
තිස්ස මහාරාම පෙරහැරේ ඉස්සරහාම කස පුපුරන්නේ මගේ බිඳුණු හිතත් කසයක් වාගේ (ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ... ) (හේවිසි හඬ ඇහුණාම මගේ හද උණු කඳුළු වෙවී වැටුණු පහළට... ) මා ළඟින් ඉඳන් පෙරහැර බැලුව ලස්සන පරසතු මල අද කොහිද... තිස්ස මහාරාම පෙරහැරේ... (බොරු කකුල් කාරයොත් පේළි සැදෙයි බොරු නොකියන බව කීවේ මට ඔබයි... ) පෙරහැරේ අසිරිය මතකය පාරයි මගේ කඳුලු තිස්ස වෙහෙරට බාරයි... තිස්ස මහාරාම පෙරහැරේ...

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs