Skip to content

Lyrics

සිංහල
රහසක් කියයි ඈ නිමල සිතින් මට දෙනුවන් කියයි ඒ රහසේ සැබෑ වග එනමුදු මුවින් ඈ නොකියයි වදන් ලෙස හැගුමින් පිරී යයි දහසින් මගේ සිත රහසක් කියයි ඈ නිමල සිතින් මට... අවිහින්සකයි ඇගේ පිරිපුන් සිනා පොද සතුටින් පිරී යයි සැමදා මගේ සිත හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට පවතියි සදා කල් සිහිනේ මගේ හිත රහසක් කියයි ඈ නිමල සිතින් මට... සන්සුන් බවින් පිරි ඇගෙ ජීවිතේ වත සිතට සිතී මගෙ අචලයි ඇගේ පෙම හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට පවතියි සදා කල් සිහිනේ මගේ හිත රහසක් කියයි ඈ.../

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs