Skip to content

Lyrics

සිංහල
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා සමු අරන් ගියත් යළි එනවාමයි ලස්සනම මලක් නුඹ පර නොවෙනා එය නෙලා ගන්නෙ මම විතරක්මයි ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි හිත රිදෙන කතා ගැන හිතන්නෙපා මට ඇහුනේ නැතත් ඔබ බනින්නෙපා සඳ ඇවිත් නැතත් තරු හොඳයි කියා (නිල් අහසට ආදරෙ කරන්නෙපා..... ) මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා සමු අරන් ගියත් යළි එනවාමයි ගී පොකුරු පවා සුන්දරයි කියා ඔබ කියූ වදන් මතකයේම තියා හදවතින් පිදූ සෙනෙහසට සදා (මා හතුරු නොවෙමි මගෙ පණයි ඔයා..... ) මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා සමු අරන් ගියත් යළි එනවාමයි ලස්සනම මලක් නුඹ පර නොවෙනා (එය නෙලා ගන්නෙ මම විතරක්මයි ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි... )

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs