Skip to content

Lyrics

සිංහල
තුරුළු කරන් ඉන්නට පෙර පුරුද්දට පුරපු නෙතට බර නැහැ දුක් කඳුළු කැට යශෝධරා මං අවසර වෙන් වන්න ආයේ දකින් නෑ අපි අපේ ඇස් වලට ආයේ දකින් නෑ අපි අපේ ඇස් වලට කිඳුරිය වෙලා මතකයි මං පෙර භවක හඬා වැටුණු හැටි මගේ හිමි ඔබ අසල කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද... ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා කල් ගිය තරම් දැනිනට ඔබ මගෙ නොවෙනා ලොව අන්සතුයි සැප තිබුණත් සැප නොවෙනා කුමටද පර වූ මල් පුදසුන මත ඉඳලා කුමටද පර වූ මල් පුදසුන මත ඉඳලා...

More by Umariya Sinhawansa

View all songs by Umariya Sinhawansa →

Similar Songs