Skip to content

Lyrics

සිංහල
සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා ගඟක් ගලන විලසේ මහ සාගරය කරා භවෙන් භවේ වඩිනා සේ මුළු සසර සරා ආදරේ අරන් ආවා මතකද දෝත පුරා පාට හතම තවරා දේදුණු යහන හදා සේල වියන් බැන්දේ ළං වී ඉන්න සදා මාල හතක් පළඳා කැන්ඳන් යන්න කියා අද වාගේ තාම මතකයි ඒ කිව් කථා එදා සඳක් ලෙසින් .... අතු ඉති විහිදා දිවි අරණට සෙවණ සදා මුල් උදුරා ඔබ ඈතට ඈතට යන්න ගියා පද ගලපා මා ජීවන ගීය ලියා තනුව නොදි ඔබ ඈතට ඈතට යන්න ගියා සඳක් ලෙසින් ....

More by Umariya Sinhawansa

View all songs by Umariya Sinhawansa →

Similar Songs