Skip to content

Lyrics

සිංහල
කුමුදුනිය මමයි ඔබේ පිපුණු හද විලේ කුමුදු මල ඔබේ නැගුණු සඳ ඔබයි අඳුරු විජිතයේ සඳ එළිය වගේ සඳ කුමරු මගේ..... අඳුර මැද සැරූ ඔහේ ළපටි හිත මගේ එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ මුළු ලොකේම මගේදැයි මට දැනුණු සඳේ සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ දිනේ සඳ එළිය වගේ ලැබුණු ඔබේ සෙනේ...... මිහිර බෙදූ ස්නේහයේ සුවඳ ඉතිරුණේ සිටින විටදී ඔබ ළඟින් සිත නිවී සරේ දිවි දෙවැනි වෙයි ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ භව භව පුරා සරමි හිතින් පතමින් ඔබේ සෙනේ සඳ කුමරු මගේ සොඳුරු විජිතයේ.....

More by Umariya Sinhawansa

View all songs by Umariya Sinhawansa →

Similar Songs