Skip to content

Lyrics

සිංහල
ඉතින් අවසරයි සමුගෙන යන්න ජීවිතෙන් මැරුනු හිතක ආදරේ නැහැ දෙන්න ආයෙමත් හමුවන්න ආයෙමත් උපදිනා භවේ (පතන් නැහැ ආයෙනම් ඔබව නම් ලඳේ... ) (වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා... ) හමුවෙලා එදා රහසේ ඔබ කියූ කතා සිහිවෙලා සිතින් හඬන්නේ ලෝකෙටත් හොරා අයිති වෙන්න අයිතියක් මට නැතෙයි කියා (උදුර ගත්තෙ මගේ සෙනෙහේ හදවතම ඉරා... ) (වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා... ) මතකයන් අපේ රහසේ පෑරි රිදුම් දේ කියාගන්න වේදනා ඔබ ලඟින් නැතේ අහිතක් නැතේ සතුටින් ඔබ ඉන්න ලඳේ (පාළුවේ මියැදෙන්න කාලෙ එලඹිලා... ) ඉතින් අවසරයි සමුගෙන...... (වෙන්වෙන්න උඹ කෙරුව බොරු චෝදනා රැව්දේ සිතේ මැරෙන මොහොතේ පවා... )

More by Tj Gamage

View all songs by Tj Gamage →

Similar Songs