Skip to content

Lyrics

සිංහල
මේ හිම කැට සීත වැස්ස යටින් රිංගා වැහි බිංදු ගණන් කරමු රෑ පිනි කැට ගේන සුළං රොදක හැංගී තරු නිදිද කියා බලමු වැරදීමෙන් හෝ අප හමු වෙනවා නම් මේ සුන්දර දේවල් අපේම කර ගනිමු....... රැයම සුන්දරයි එළි වන්නේ නැතිනම් එළිය සුන්දරයි අඳුර ලොවේ නැති නම් ලොවම සුන්දරයි එක්වු හදවත් වෙන් වන්නේ නැති නම්.. මේ හිම කැට..... මුහුද සුන්දරයි රළු වන්නේ නැති නම් හීන සුන්දරයි අවදි උනේ නැති නම් ලොවම සුන්දරයි එක්වු හදවත් වෙන් වන්නේ නැති නම්.. මේ හිම කැට.....

More by Swarnamali Rankoth

View all songs by Swarnamali Rankoth →

Similar Songs