Skip to content

Lyrics

සිංහල
(නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා... ) පවුරු බැඳගෙන‍ සිතක වැජඹුනු (රසවතී නෑ කොයි ගියා... ) (ආදරෙයි මම ආදරෙයි... ) දම්මි තවමත් ආදරෙයි මවා පියකරු සිහින සිතුවම් මතු කලා රස බර හැඟුම් දයාවන්තය යොවුන් සිතිවිලි (රසකලා ඔබෙ නෙත් කැළුම්... ) (ආදරෙයි මම ආදරෙයි... ) සුගත් තවමත් ආදරෙයි ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි අසිරිමත් ලෙස ඇඳුනු දේදුනු කළු වළාවෙන් යට වුණා මිහිරියාවිය අනේ දවසක (ඔබේ හදවත‍ ගොළුවුනා... ) (ආදරෙයි මම ආදරෙයි... ) දම්මි තවමත් ආදරෙයි ආදරය එක අතක ප්‍රේමය තව අතක මා මැදි වුනා සාගරය වැනි වේදනාවක (අ‍හෝ හිතවත තනිවුනා... ) ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි ආදරෙයි... ආදරෙයි... ආදරෙයි... ආදරෙයි...

More by Sisira Senarathne

View all songs by Sisira Senarathne →

Similar Songs