Skip to content

Lyrics

සිංහල
නීල ජලාසේ රඟනා හංස කුමාරී ආශාවේ සිහින මවාවී - ආශාවේ සිහින මවාවී මුදු බඳ සල සලා එන මදහස හෙලා මුදු බඳ සල සලා එන මදහස හෙලා සීගිරි ලෙනෙහිදෝ - අජන්තාවෙ විමානෙදෝ ඔබ මා පතා උපන්නේ ආලක පුරේහිදෝ - අනෝතත්ත විලේහිදෝ ඔබ මා පතා උපන්නේ මගෙ හිත සැකෙන් මිදේවා - නිසි පිළිතුරක් ලැබේවා නිසි පිළිතුරක් ලැබේවා මයිකල් ඈන්ජලෝ - අතවූ තෙලිතුඩේ හිතෝ ඔබ මා පතා උපන්නේ තාගෝර් කවේ හිතෝ - ගුත්තිල වෙණ තතේ හිතෝ ඔබ මා පතා උපන්නේ මගෙ හිත සැකෙන් මිදේවා - නිසි පිළිතුරක් ලැබේවා නිසි පිළිතුරක් ලැබේවා

More by Sisira Senarathne

View all songs by Sisira Senarathne →

Similar Songs