Skip to content

Lyrics

සිංහල
මුහුදේ යමු මසුන් මරන්න දියඹේ ඔරුව දියත් කරන්න 'අඹු දරු රැක ගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ...අප රැක ගන්න'... වාරකන් නිසා වෙරළේ අඬ අඬ ඉන්න දරු පවුලත් දමා යනවා මසුන් ගෙනෙන්න මොකුත් නොදන්නා උන්ගේ දිවි රැකගන්න අපට ලැබෙයි යහතින් එන්න මුහුදේ යමු.../ තද සුළං හමන්නේ සැර විදුලි කොටන්නේ සට සට ගාලා ගෙඩි පුපුරන්නේ රැල්ල නැගෙන්නේ ඔරුව හැපී බිඳෙන්නේ ඔරුවේ රුවල ඇකිලී යන්නේ මුහුදේ යමු.../ භයානකයි මුහුදේ යන අපේ ජිවිතේ දිය රකුසා බලා ඉඳි යන එන පැත්තේ දිය රැලි මැද්දේ ඔරුව සැලෙයි දෙපැත්තේ උදව්වකට කෙනෙක් නොමැත්තේ මුහුදේ යමු.../

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs