Skip to content

Lyrics

සිංහල
මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ යන්නේ හිරු එළියේ කියන්න සියුමැලියේ සීතල මද පවනේ මම මල් ගොමු වෙත යන්නේ මා සොයමින් එන්නේ මගෙ පෙම්වත හමුවන්නේ මී මැසි බඹරුන් පරදා හැර මම ඔබ වෙතටම දුවමි ලා හිරු රැස් වැද බබලන ඔබෙ තටු දෙක මම සිප ගනිමි රන් තරු මුසු මල් කිරුළක් සාදා ඔබේ හිසේ තබමි රන් විමනක මැද ඔබ වෙනුවෙන් පෙම් රජ දහනක් මවමි මල්බර හිමිදිරියේ.../ සීතල මදපවනේ මම මල් ගොමු වෙත යන්නේ මා සොයමින් එන්නේ මගෙ පෙම්වත හමුවන්නේ මල් පෙති අග රැඳි පිණි බිඳු එක් කොට ඔබෙ මුව පිරිමදිමි මල්වල රොන් ගෙන එම හා මුසු කොට රස කර එය පොවමි මල් අතරින් මම හොඳම මලක් ගෙන ඔබ වෙත එය පුදමි ඒ සැමටම වැඩියෙන් අගනා මගෙ හදවත ඔබට දෙමි සිරිබර හිමිදිරියේ ආසිරි පැතිරෙන්නේ මල් පෙති විසිරෙන්නේ ගී හඬ මුසු වෙන්නේ කොවුලන් නද දෙන්නේ පොඩි කුරුලන් නද දෙන්නේ අප දෙස බලමින්නේ උන් සැමදෙන හිනැහෙන්නේ

More by Rukmani Devi

View all songs by Rukmani Devi →

Similar Songs