Skip to content

Lyrics

සිංහල
(අම්මේ යන්ට එපා දුරු රටකට කවුරුත් නෑ මගේ තනියට එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ හිතට දුකයි පොඩි පුතු හට)... අම්මේ යන්ට එපා දුරු රටකට උඩින් පියාඹා කරනම් ගසනා මිග් යානා මට ඕනේ නෑ බිමින් අදි යන වටේට කැරකෙන මෝටර් කෝච්චී ඕනේ නෑ ඇස් දෙක නටවන ගී කියමින් යන බෝනික්කන් මට ඕනේ නෑ ඕවා ඔක්කොම ගේනව කීවට ඔබේ පුතා රැවටෙන්නේ නෑ අම්මේ යන්ට එපා දුරු රටකට කවුරුත් නෑ මගේ තනියට එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ හිතට දුකයි පොඩි පුතු හට අම්මේ යන්ට එපා දුරු රටකට පාටින් පාටට කොල අලවා උඩ යවන සරුංගල් හරි හැඩනේ ලෑලි කැබලි ටින් පතුරු යොදාලා හදන කරත්තය මට අගනේ ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක අනලා කැව්වත් හරි රසනේ ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ විසිතුරු ලෝකෙට වැඩි සැපනේ (අම්මේ යන්ට එපා දුරු රටකට කවුරුත් නෑ මගේ තනියට එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ හිතට දුකයි පොඩි පුතු හට)... අම්මේ යන්ට එපා දුරු රටකට

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...