Skip to content

Lyrics

සිංහල
(මේ හොඳ ලස්සන බෝනික්කා තනිවී හඬනා හැටි දැක්කා ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ…. ) කඳුළුවලින් කම්මුල් පෙඟිලා ලස්සන රතු සායම් මැකිලා බෝනික්කා අපි එක්කලා කිව්වා රහසක් ඉකිබිඳලා… පුංචි බබා මං හිටි නිවසේ සෙල්ලමටයි හිත මුළු දවසේ පාඩම් වැරදීලා මේ පාරත් පංතියෙ අන්තිමයා… ඔක්කෝටම මුල බෝනික්කා කියලා බනිනවා ලොකු අක්කා ඒ හින්දා මං යනවා යන්නට එනවද මා එක්කා....... මේ හොඳ ලස්සන...... කඳුළුවලින් කම්මුල්..... මකුළු දැලෙන් රුවලක් බැඳලා පුවක් කොලෙන් ඔරුවක් හදලා (බෝනික්කා නලවන්නයි යන්නේ අපි ඔක්කොම නැගලා.... /)

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs