Skip to content

Lyrics

සිංහල
මල් ලස්සනයි හොද හොද පාටයි කීවා පෙනෙනවා දකිනවා කියන ඒවා... මොනවද අම්මේ මම අහගන්නට ආවා... තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා... මල් වල හොද සුවඳ නිසා පාටක් කොහෙද... ඒවා මොලොක් බව තේරෙනවා මටද... එලිය කියා ඒ මොකවත් තියනවාද මට තේරුම් ගන්න අම්මේ බැරි මොකද උණුසුම දැනෙයි දහවල මට රැයට වඩා... වෙනසක් ඒම තියන බව මෙයට වඩා මට නොදැන්නේ මම පොඩි ළමයෙක්ලු කුඩා... ලොකු වෙනකොට දෙනේවිද මම ආස හන්දා... ඇයි අම්මේ හඩන්නේ මේ කඳුළු හෙලා... මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා... නාඩන් අම්මේ නාඩන් මම විහිළු කලා... එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා... එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා... එන්නද අම්මේ බොරු කී කොල්ලන්ට තලා...

More by Raj Seneviratne

View all songs by Raj Seneviratne →

Similar Songs