Skip to content

Lyrics

සිංහල
| | - * Repeat * සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා ඔබේ චපලකම හඳුණා ගන්නට සිව් වසරක් ගෙවුණා යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබගන්නයි පැතුවේ ලෝකය එරෙහිව ආවත් මා හැර නොයන බවයි කීවේ ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙළෙසද මා එන්නේ පෙම් කල සිතකට වෛර කරන්නට සිත නෑ ඉඩ දෙන්නේ සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන මම අද දුක්වෙන්නේ

More by Punsiri Soyza

View all songs by Punsiri Soyza →

Similar Songs