Skip to content

Lyrics

සිංහල
මං වෙනුවෙන් ඔබ නොහඩන බව මං දන්නෙමි ඔබ වෙනුවෙන් හැමදාමත් මම හඩන්නෙමි ඉර නාවත් සඳ නාවත් මං දිවගෙන එන්නෙමි බිළිඳවකු සේ සුළැඟිල්ලේ ඇවිත් එල්ලෙමි මං වෙනුවෙන් ඔබ නොහඬන බව මං දන්නෙමි අන්තිම කඳුළත් ඔබ වෙනුවෙන් මං හෙළමි අන්තිම සුසුමත් ඔබ වෙනුවෙන් මං හෙළමි අන්තිම කවියත් ඔබ වෙනුවෙන් මං ලියමි අන්තිම වරටත් ඔබ වෙනුවෙන් මං හිදිමි මං වෙනුවෙන් ඔබ...... හැම හුස්මෙම ඔය සුන්දර සුවඳ විඳින්න හැම මලකම මල්පෙති ඔය වත සිපගන්න හැම සසරම අඩ අඩාම මට දුක් දෙන්න හමු නොවුනත් ඔබ පේන දුරින් නවතින්න මං වෙනුවෙන් ඔබ ...........

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs