Skip to content

Lyrics

සිංහල
ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ නුඹ කොතැනකද කියාලා නුඹ කොතැනකද කියාලා පෙර සේ මා සොයාලා මහදේ ගිණි නිවාලා ගමට එන්න ඇවිත් යන්න රත්තරං ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ මට හිමි මනාළී පිටගම් ගියාවේ විරසක නොවෙමු කියාලා විරසක නොවෙමු කියාලා සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs