Skip to content

Lyrics

සිංහල
කිරි සයුරේ රැළි - උතුරන හසරැල් දෙතොලෙ මවාදී - හීන් සීරුවේ... පිපෙන නෙළුම් මල් - පරිදි සියළු කල් හද විල් තලාවේ - ඔබේ වත පෙනේ... පළිඟු පලන්දා - ගෙල සරසාලා.. තිලකය ඇන්දා - නළලත පිසදා.. සේලය දවටා - ලැමහස තුරුලේ.. කවුරු නිසාදෝ... කිරි සයුරේ .../ මැණික් රිදී රන් - මා අත නැත්තේ.. උතුම් ආදරේ - පමණකි ඇත්තේ.. එය කවුරුත් නෑ - තව පිළිගත්තේ.. එය ඔබටයි දෝ... කිරි සයුරේ .../

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs