Skip to content

Lyrics

සිංහල
ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනහවකින් දැන් ඉඳහිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී ඔබටම මා ගැන සැක සිතලා වැරදි සොයනවද සමුගෙන යන්නට වෙන හද කුටියක දොර ඇරලා එවන් තැනකදී ඔබගේ යහපත දියුණුව සම්පත සැලසේනම් මගේ දිවිය හැර අනෙක් සියලු දේ කැප කෙරුමට මා සුදානම් මගේ නිදොස් බව වැටහුණු දිනදී කිව මැන අප දත් කෙනෙකු සොයා එය දැනගත් පසු මම සැනසිල්ලේ සැතපෙමි සදහට දෙනෙත පියා මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී ඔබටම මා ගැන සැක සිතලා වැරදි සොයනවද සමුගෙන යන්නට වෙන හද කුටියක දොර ඇරලා ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනහවකින් දැන් ඉඳහිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් දරන්න බැරි වේදනාවකින් දරන්න බැරි වේදනාවකින්

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs