Skip to content

Lyrics

සිංහල
මේන් අපේ ඉස්කෝලේ මේන් අපේ ඉස්කෝලේ රන් රුවයි රැස් මාලේ රෑන් පිටින් අපි ආවේ පහන් වැටක සිරියාවේ වැස්සට ගංගා ආවත් පන්ති වලට අවුවට ඉර වැටුනත් හිස් මුදුනට වෙඩි පිට වෙඩි ඇහුනත් පැයෙන් පැයට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට කුඹුරේ වැඩ තිබුනත් යලට මහට එනවා හැමදාමත් පන්ති වලට ඩෙස්ක්පුටු බංකු නැතත් ඉඳගන්නට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට ලස්සන සාරි නැතත් ටීචර්ලට මූණට එළිය ඇවිත් පින් පාටට කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

More by Pradeepa Dharmadasa

View all songs by Pradeepa Dharmadasa →

Similar Songs