Skip to content

Lyrics

සිංහල
මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ඈගේ සුරතල් ආලය රෝස මලක් වාගේ පෙනුනා මට මං පොඩි කාලේ මාව දැම්ම පාසලේ ඉගෙන ගෙන වැඩුණේ මගේ මොලේ පාසලේ පන්තියේ කෙල්ලෙක් වැටුණ මගේ දැලේ මා ගැයු මේ ගීත ඇසු කලේ මහ පාරට පැමිණ මං ඈව බලන්න සිටියා පොත් මිටිය අරගෙන මුණ ගැසුණු තැන අපි කතා කරමින ගියා දෙදෙනා පාසල් යන්න මෙන්න මෙලෙසට අපි ගියේ පාසල් යන්න ඇය පණ වගේ ආදරෙයි මට ඇගේ ගෙදරට ගියේ මං ඇයව බලන්න නමුත් දෛවේ නැහැනේ අප හට මේක දැනගෙන අපේ අම්මා මට බැණ වෙන පාසලකට මාව දැමු තැන මම කඳුළු සලමින සිටියාය දුක් විඳ ඇය ගැන කල්පනා කරමින මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ඈගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට මිතුරෙක් ආවා ඔහු මෙලෙසට කීවා ඔයා නැතිව කෙල්ල අඬනවා මම දැන්මම යනවා මගේ කෙල්ල අඬනවා ඇසුවම මගේ පපුව පැලෙනවා ලිපියක් ලැබිලා මම බැලූවා කියවලා මේ විදිහට තිබුණා ලියාලා ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා ඇවිත් යන්න මාව සනසලා මාදම් කැලේ මම ගියා කළුවරේ බලන්න මගේ කුමාරිය බොලේ මිනිසුන්ව දුටු කළේ අවුල් වුණා මගේ මොලේ කුමාරි මැරිලාය අතු පැලේ ලිපිය අරගෙන නැවත කියව බැලූ තැන ඈ මැරෙනා බව ලියා තිබු තැන සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන අඳුරු ලොවක මාව තනි වුණ මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ඇගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs