Skip to content

Lyrics

සිංහල
දුහුල් මලෙක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර මගේ පෙම් පණිවිඩය හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න ඔබට කැමති වූ දවසේ දැණුනු හැඟුමේ පාට තමයි දේදුන්නක් වෙලා දෑස් වෙත පාත් වුණේ ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවදක් වී හිත තෙත මාත්තු කළේ ඒ බව හැ‍ඟෙනවා නම් මට කියලා එවන්න ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න ඔබ නික්මන් කළ දවසේ උනපු කඳුලේ තරම තමයි පොද වැස්සක් වෙලා පොළවට පාත් උනේ ඒ කඳුලේ බලයක් තමයි මහවැලි ගඟ මැද්දේ දිය සුළියක් වූයේ ඒ බව දැණුනා නම් මට කියලා එවන්න ඒ ඇති මට තව දුරටත් ජීවත් වෙන්න දුහුල් මලෙක මල් පෙත්තක....

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...