Skip to content

Lyrics

සිංහල
මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලක වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙන විට සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට ඝන අඳුරු රැයක් වී හැඩු විට ජීවිතය පැතුම් දී එළි කලෙමි පුංචි තරුවක් විලස සිනාසෙන පුරා හඳ වඩිනදා පෙර මගට සිනාසෙනු මැන එදින මට නොවේ පෙර මගට සිතින් දුක දරා ගමි එය කියන්නේ කෙලෙස රුවන් මාලිගාවක පහන් දල්වන් කුමට ඉදහිටක සොයද්දී යටලියාවේ මතක සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs