Skip to content

Lyrics

සිංහල
පින්න මලක් වෙලා හැන්දෑවේ බෝවිටියා ලන්දේ ගන්න හිතක් නෑ දෙනුවන් ඉවතට ලෝබ හිතෙන රුව බෝම අගේ කෝලමකට දෙකොපුල් රතු වෙද්දී මෝදුවුනා පෙම් සිත රහසේ යන්න හිතක් නැහැ සිදාදියට යළි සින්න වුනා හදවත මාගේ උදුවප් සීතල රහස් කියද්දී රටා මවන්නම් පන් පැදුරේ වෑකන්දට සඳ පායන ලස්සන බලන්න එනවද හැන්දෑවේ නාදලු දෙතොලේ මොලකැටි උණුසුම කෝඩුකාර පෙම් සිතට දැනේ ගෝමර ගෙල වට මාල පලන්දන නැකත ලගයි එන දුරුතු මහේ බණ්ඩි ගොයම කිරි වැදී පැසෙද්දී තනියට හිදපං හඳපානේ ඕන පදං කවි කතා කියන්නම් හිතට ගුලිවී රෑ ජාමේ දණ්ඩි පැටව් වක්කඩේ නටද්දී කිමද නාන්නට සීත දොලේ කන්ද උඩින් හිරු එබී බලද්දී අවදි වෙයන් හිමිදිරියේ පින්න මලක් ....

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs