Skip to content

Lyrics

සිංහල
පෙහෙරානෙනි වියනා මේ හිමිදිරි උදයේ ඇයිදෝ මනකළු ඇඳුමක් නිමවන්නේ? නිල්වන් පාටයි පිළිහුඩු තටු වාගේ අළුත උපන් පුතුටයි මේ සළුව අගේ පෙහෙරානෙනි වියනා මේ ගොම්මන් යාමේ ඇයිදෝ දිලිසෙන ඇඳුමක් නිමවන්නේ? මොනර පිළක් මෙන් කොළවන් දම් පාටයි දීගෙක යන රැජිනියකගේ මුව වැසුමයි පෙහෙරානෙනි ඇයිදෝ නිසලව සංවේගෙන් කුමක් වියනවද සිසිලේ සඳ එළියෙන්? පිහාටුසේ සුදු වළාරොදක් වාගේ මිනියට අන්ඳන්නට සළුවයි මියගිය ඔහුගේ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs