Skip to content

Lyrics

සිංහල
නීල නෙතු යුග දිලෙන තරමට රහස මම දුටුවා කෝළ බැල්මෙන් මුවඟ සිනහව ආදරෙයි කීවා රෝස පාටින් දිලෙන දෙකොපුල හාදුවක් සෙව්වා කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා තෙමුණු දෙතොලින් බේරි බේරී නුරා රස සොයනා දුහුල් සළුවෙන් වෙලුනු ඉඟසුඟ සිතුවමක් මැවුණා ගමන හැඩකර ගතම නළවන කිඳුරියක හැඟුණා කොහේ සිට ඔබ පැමිණියේදෝ මගේ සිත කීවා හවුළුවා සිත දැහැන් බිඳලා නුඹෙ රුවම සොයනා සිහින ලොවකට ගෙන ගියේ මා නුඹෙ සුරතේ පටලා සරාගී නුඹ ගියාදෝ අද මගේ සිත දවලා කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත සොයලා නීල නෙතු යුග දිලෙන තරමට රහස මම දුටුවා කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs