Skip to content

Lyrics

සිංහල
අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න කොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්න මේ දෙන්නා සමග නංගී රැකගන්න රක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න... වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ මොකටද මා දුප්පත් වී ඉපදුණේ වැරදුනාම කෝටු පාර වදිනවා බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ... දන්නේ කවුද තමන්ගේ දුක් මිස තමන් කන්නේ බොන්නේ වැඩකට යන එන ගමන් වෙහෙස වෙලා රෑ දොළොහට ඇලවුණා උදේ පහට ආයෙත් මා පිබිදුනා... වැඩ කරලා... සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි ඇස් රතු වී දුක් කඳුලැලි බේරුණා රක්ෂාවේ හැටි දැන් මට තේරුණා... වැඩ කරලා...

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs