Skip to content

Lyrics

සිංහල
සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා මගේ හද, තවමත් බැබලෙනවා ආදර නදියක පැද ගිය ඔරුවක් කුණාටුවක වැදුණා සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ කිඳුණා ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි නියම දහම විලසේ මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට නොලැබෙයි මා සිතු සේ මEමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ කියා එදා කීවා හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස කියමින් රැවටෙව්වා අනේ සුදු ඔබ මා රැවටෙව්වා ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ළයේ මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන අටුවා මොටද ප‍්‍රියේ නොලැබෙන දෙයකට හඬා පලක් නැත මම මෙහි සැනසෙන්නම් සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන මම හැම දා ඉන්නම් මෙසේ මා ගී ගයමින් ඉන්නම්..

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs