Skip to content

Lyrics

සිංහල
සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න උපුල් නුවන් එළියේ - අරුමැසි සැනකෙළියේ මම සැරිසරමි සදා - ප්‍රිය සනහස් සිලි සිලියේ සඳ නැත බැබලෙන්න..... චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ දෙනයන කැළුම් වැදී - මගේ මුළු විජිතය හෙළිවේ සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි ඔබ මගේ සජිවනි - ඔව් ඔබ මගේ සුබාශිනි සඳ නැත බැබලෙන්න .../

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs