Skip to content

Lyrics

සිංහල
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ කොවුලන් එයි ඔබේ ගීතය ඇසුමට වාගේ ඇසුමය වාගේ ... පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා දැමූ අතීතයමා වෙත නිහඩව කියලා වැට දිගටම එදා මෙන්ම මදු මල් පිපිලා මදු මල් පිපිලා .... පොඩි කාලේ ....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs