Skip to content

Lyrics

සිංහල
සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම් සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මා නම් විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා අව්වේ වැහි පින්නේ කිරි දරුවෙකු මෙන් උණුසුම් වෙන්නයි ඔබ වෙත මා එන්නේ ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගේ සිත් සුවපත් කරලා කොතැනක යන්නද කාට කියන්නද අත් දෙක දික් කරලා සමාව දෙනු මැන ........... ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔය පාමුල රන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔබ පාමුලේ රන්දයි කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි සමාව දෙනු මැන ........

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs