Skip to content

Lyrics

සිංහල
ප්‍රේමේ මායා හෝරාවේ දෑසින් ඈ කී ඒ රහසේ මා හදේ ආදරේ ලියවුනා ආදරේ යාවුනා ප්‍රේමේ මායා හෝරාවේ දෑසින් ඈ කී ඒ රහසේ..... මා කාගේ කවුරුන්ද ඈ නෑ විමසුවේ ඈ කාගේ කවුරුන් උනත් ඉන් කම් නැතේ ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ මා සිතේ සොම්නසේ යා කෙරේ ප්‍රේමේ මායා හෝරාවේ දෑසින් ඈ කී ඒ රහසේ..... මේ වාගේ ලංවූ කෙනෙත් නම් නෑ ලොවේ නෑ මගේ මතකේ රැදිලා ජීවිතේ ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ මා සිතේ සොම්නසේ යා කෙරේ..... ප්‍රේමේ මායා හෝරාවේ....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs