Skip to content

Lyrics

සිංහල
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ .... මල් ගොමු පිස එන මද නල අතරමඟකදී මා එන මඟ වළකන්නට බලා උනි රැඳී ... දසත සැරිසරා සෙව්වෙමි ගුවන් තල අරා නොදැක ඔබේ රුව සෝකය නැඟෙයි හද පුරා පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ සෙවණ ලදිමි තුරු ගොමුවල එය නොවෙයි සුවේ ගිමන නිවන මහද අරණ තුරුල ඔබ පි‍්‍රයේ ... වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ ....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs